අසපුව

ලොව පාලනයය වනුයේ ස්වභාවධර්මයේ මහිමය අනුවමය. ස්වභාවධර්මයේ ගුප්ත වු නියාමය නම් ඇතිවීම පැවැත්ම සහ විනාශයයි. ලෝකය නැමති ගුප්ත වූ විෂය පිලිබදව දිගින් දිගටම සෙවීම ප්‍රතික්ෂේපකල තාතාගතයානන් එය බඹයක් පමන වූ සිරුමයැයි වදාලහ. බුදුසිරිතේ අවසන් වදන වූයේ “හන්ද දානි භික්ඛවෙ, ආමන්තයාමි වො, වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” මහණෙනි, මම දැන් තොපට ආමන්ත්‍රණය කරමි. සංස්කාරයෝ අනිත්‍යස්වභාව ඇත්තෝය අප්‍රමාදීව ක්‍රියාකරව් ගුණධර්මයන් රකිව්. බුදුදහමේ ඒකායන පරිකල්පනය නම් අනිත්‍යයි, සතුට යනු වෙස්වලාගත් දුකය. යමක් අනිත්‍ය නම් දුක් සහිතයි, දුක් වූ යම් දෙයක්වීද දුක් වන කෙනෙක් වීද සියල්ල අනාත්මය. අනිත්‍ය අනාත්ම දුක්ඛ මේ බෞද්ධ ඉගෙන්වීමේ පරම සත්‍යයි. උගැන්වූ සත්‍ය පසක් කරමින් තතාගතයානන්ද සොබාදහමේ නියාමයට යටත් විය.


දේව ධර්මය අනුව මවා වදාල ලෝකයෙහි සියලු මනුෂ්‍යන් වෙත දෙවියන්වහන්සේ ගිවිසුමකට ආරාධනා කොට ඇත. සර්ව බලධාරින්ගේ අසිරිමත් මැවීම් අතරෙහි දෙවියන්වහන්සෙගේ ජීවිතයේ පංගුකාරත්වය ලැබ ගැනීමට උන්වහන්සේ දැන හැදිනීමට උන්වහන්සේට ප්‍රේම කිරීමට වරම් ඇත්තේ මනුෂ්‍යයාට පමනි. දෙවියන්වහන්සේගේ හුස්මේ පහස ලද මිනිසා ශුදවූ ලියවිල්ල අනුව දිවි ගෙවිය යුතුය. ඔබගේ ශරීරය දෙවියන්වහන්සේ දෙවා වදාල ,ඔබ තුල වැඩවසන ශුද්ධෝත්ත්මයානන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නාහුද , ඔබ ඔබට ඇයිති නැත. එය දේව මහිමය සදහා මෙහෙයවිය යුතුය .(කොරින්ති 6). මවනලද පලමු මිනිසා දෙවියන් කෙරේ බැදීමකින් විසීය. ඒකී බැදීම අහිමි වූයේ පාපය තුලිනි .දෙවියන්වහන්සෙට අකීකරුවීමෙන් පාපයද, දුක ශෝකය සහ මරණය ඉනික්බිති පාපී මිනිසාට දායාද විය. ශුද්ධ ලියවිල්ලේ නොකියා කියා සිටින සත්‍ය නම පාපයේ කැලල සමග ඉපිදි එමිනිසා සොයන ස්වර්ග රාජ්‍යය ආර්‍ය පිලිවෙත නම් වූ ප‍ටු දුෂ්කර මාවත ඔස්සේ වැටී ඇති බවය.


වරෙක මාර පුත්‍රයන් තතාගතයානන් පරීක්ෂාවට පැමිනියහ. '' එමබා ශ්‍රමනය, අවකාශයේ සැරිසරන සියලු සත්වයන්ගේ මනසින් විහිදෙන ‍රැහැනක් පවතී,එකී ‍රැහැනින් සියල්ලන් මා වෙත බැද තබා ඇත. තොපද එ‍රැහැනින් බැද තැබීමට මා පැමිනියෙමි, එසේය මාර පුත්‍රය එවන් ‍රැහනක් පවතී , සත්වයා තොපටද සසරට බැද තබන ‍රැහනින් මා මිදීසිටිමි, මනසේ විපාකය වූ එකී ‍රැහැන මා විසින් සුනුවිසුනු කොට ඇත". තතාගතයානන් භවය නම් වූ නිවස සාදන තන්හාව නැමති වඩුවා හැදින්නෙහිය , ඉන් මතු එකී නිවස තැනීමට වඩුවාට ඉඩ නොතැබීය. ජීවිතය නැමති නිවසෙහි කෙලෙසුන්ගෙන් තැනූ පියසද තෘෂ්නාව නැමති ගලින් තැනූ මූලයද අවිද්‍යාව නැමති කැනිමඩලද විනාශ කලෙහිය. එකී පිලිවෙත අර්ථයෙන් ධර්මයෙන් සිය අනුගාමිකයන්ට දෙසා වදාලහ. තථාගතයානන් දිනූ එකී රාජ්‍ය අප නොදකින මුත් සකල මනුෂ්‍යාවෙත විවෘත අසමසම අශ්චර්යකි.

මානව ශිෂ්ඨාචාරයේ විකාශනය තුල සත්‍ය සොයා ගියවුන් අපමනය. සියල්ලන් සෙවු සත්ය නම් සදාකාලික සැපවත් දිවි පෙවතකි.ඇතමෙකු සත්‍ය සොය ගිය විශ්වය තුලම හිස් අතින්ම මියදුනි . සත්‍ය සොයාගිය වුන් බොහොමයක් කිමිදුනේ බාහිර ලෝකයේ ප්‍රපංචයන් තුලය. නමුත් තතාගතයානන් සත්‍ය සොයා ගියේ බාහිර ලෝකය වෙත නොව බඹයක් පමන වූ සිය සිරුර තුලටමය. තතාගතයානනගේ ගවේෂනය වූයේ සිත නැමති මායාකරු පිලිබදවය. බුර බුරා නැගෙන ගින්නක් කිසිදිනෙක ඒ මත හෙලන දර වලින් ‍තෘප්තිමත් නොවන්නේ යම් සේද, දස දෙසින් මහ සයුර හඹා යන ගංගා කොතෙකුත් ගං දිය ඒ මතින් හෙලුවද ඉන් මහ සයුර තෘප්තිමත් නොවන්නේ යම් සේද, තෘෂ්නාව නැමති අන්ධකාරයේ ගිලුනුවුන් කිසිදිනක සැනසෙනු නොමැතිය. සිත නැමති මායාකරු සමග දුකම සොයා කිමිදෙනුය. පාපයේ කැලල සමග ඉපිද දුක් සයුරක සරන මිනිසාට දුකි

න් මිදීමට ධර්මයේ වියමන හැර අන් සරනක් නොමැත.

 

 


 

  





Video Bar